හෙලිටුවර්ස් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව නිදහස් ගුවන් ගැබ සිසාරා ගුවන් ගත වෙයි...
4:27pm on Monday 19th July 2010
දේශය ත‍්‍රස්ථවාදයෙන් මුදා ගැනීම උදෙසා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා, ගුවන් යානාවන් සුවිශේෂී වු කාර්යය භාරයක් ඉටුකරන ලදී. දැන් ත‍්‍රස්ථවාදය හමාර වී අවසානය. එබැවින් ඒ සියලූ ගුවන් යානාවන් දැන් නව මෙහෙයුමක් දියත් කරන්නට සූදානමින් සිටියි. ඒ දිවි පරදුවට තබමින් නිදහස් කරගත් ලක් අඹර පුරා සැරි සරමින් මගී හා භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් සේවාවක් අරඹමිනි.

නැවුම් වූ මුහුණුවරක් සමගින් නිදහස් අහස් කුස නිමි හිම් සොයා යන්නට හෙලිටුවර්ස් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව ප‍්‍රති සංවිධානය කොට ඇත. තම පාරිභෝගිකයින් වෙනුවෙන් සුහදශීලී,ස කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් හෙලිටුවර්ස් නව කාර්්‍යාලය කොල්ලූපිටිය අබාන්ස් ගොඩනැගිල්ල ඉදිරිපිට, අංක 395, ගාලූපාර, කොළඹ 03 යන ස්ථානයේ දී 2010 ජූලි මස 19 වන දින අළුතින් ආරම්භ කරන ලදී,

හෙලිටුවර්ස් කාර්්‍යාලයන් ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයන් තුළ පවත්නා කාලයේදී ආරක්‍ෂක හේතූන් මත මගීන් හට මුහුණ දෙන්නට සිදුවූ ආරක්‍ෂක සෝදිසි කිරීම් හා හමුදාමය පරිසරයෙන් මිදි තම ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කරවා ගැනීම් මෙහිදී කිසිදු අපහසුවකින් තොරව සිදුකර ගත හැක. තම සේවාදායකයින්ගේ සුව පහසුව මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර දීම අරමුණු කොට ගනිමින් ආරම්භ කරන ලද මෙම නව කාර්යාල පරිසරය සැබැවින්ම මනස්කාන්තය. එසේම සුහදශීලී කාර්්‍ය මණඩලයකින් යුක්ත වන අතර සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් විමසා බලා, ඒ අවශ්‍යතාවයන් කාර්්‍යක්‍ෂමව ඉටුකර දීමට ඔවුන් සැමැවිටම සූදානමින් සිටියි. 

හෙලිටුවර්ස් සේවාවේ නව කාර්්‍ය මණ්ඩලය හා සියළුම ගුවන් නියමුවන් මනා වෘත්තීමය පළපුරුද්දකින් යුක්තය. මෙම කාර්්‍යක්‍ෂම හා සුහදශීලී නව කාර්්‍ය මණ්ඩලය, මගීන් හමුවට එක්වන්නේ ගුවන් හමුදා නිල වර්ණය වන අහස් නිල් පැහැයෙන් යුක්ත සිත්ගන්නා සුළු වූ නව නිල ඇඳුමකින් සැරසෙමිනි.

හිටපු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් පැඩි මෙන්ඩිස් මහතාගේ සංකල්පයක් අනුව 1972 වසරේදි හෙලිටුවර්ස් සේවාවේ මූලාරම්භය සිදුවිය. නමුත් පසුගිය කාලය තුළ පැවති බිහිසුණු යුද්ධයේ අදුරු වලාවන් හේතුවෙන් නවතා දැමු හෙලිටුවර්ස් සේවාව වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ මගපෙන්වීම යටතේ එයාර් වයිස් මාර්ෂල් කේ.ඒ. ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් පසුගිය වසරේදී යළි ආරම්භ විය. හෙලිටුවර්ස් ගුවන් සේවාව ශ‍්‍රී ලංකාව තුළ පවත්නා අභ්‍යන්තර ගුවන් සේවාවන් අතුරින් දිවයිනේ සිව්දෙස ගුවන් ගමන් සිදු කරන, ප‍්‍රමුඛතම අභ්‍යන්තර ගුවන් සේවාව බවට පත්වී හමාරය.
අද, හෙලිටුවර්ස් සේවාව නියමිත ගුවන් ගමන් වාර හා කටුනායක ගුවන් තොටුපලේ සිට දිවයිනේ  ඕනෑම නගරයක් වෙත ගුවන් ගමන් සිදුකල හැක බලපත‍්‍රලත්  ගුවන් ගමන් සේවාවකි. මගීන් හට කුරුල්ලෙකු මෙන් ගුවනේ සිට දිවයිනේ සුන්දරත්වය අඩුම මුදලක් වැයකරමින් නැරඹීමට හෙලිටුවර්ස් සේවාව දැන් අවස්ථාව උදාකරදී ඇත.

පසුගිය වසර 25 පුරාවටම ශ‍්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත‍්‍රයේ විශාල දියුණුවක් දැකිය හැකි වෙයි. හෙලිටුවර්ස් සේවාව ශ‍්‍රි ලංකාව අවට මුහුදේ තෙල් ගවේශනය කරන තෙල් ගවේශකයන් ප‍්‍රවාහනය කරමින් ද සුවිශේෂී වු කාර්්‍යයක් ඉටුකරනු ලබයි. හෙලිටුවර්ස් සේවාව සතු නියමුවන් තම අත්දැකීම් උපයෝගී කොට ගෙන ඈත දියඹේ යාත‍්‍රා කරන නැව් මත පවා තම යානාවන් ගොඩබස්වමින්, තම සේවා දායකයින්ගේ අවශ්‍යතාවයන් ඉටුකරදීමට කොපැකිලිව සූදාම්ව සිටියි.

හෙලිටුවර්ස් සේවාව මේ වන විට ශ‍්‍රී ලංකා සංචාරක ක්‍ෂේත‍්‍රයේ නව පිටුවක් පෙරලා අවසානය, අළුත් ඉතිහාසයක් ලියා අවසානය. මේ වන විට ආසන 04 කින් යුක්ත  බෙල් 206, ආසන 08 කින් යුක්ත බෙල් 212 මෙන්ම බෙල් 412 හෙලිකොප්ටර් යානා, මගීන් 20 දෙනෙකුට ගමන් ගත හැකි එම් අයි 17 හෙලිකොප්ටර් යානා, මෙන්ම මගින් 45 කට ගමන් ගත හැකි ඒ.එන්. 32 හා මගීන් 15 කට ගමන් ගත හැකි වයි 12 ගුවන් යානාවන් හෙලිටුවර්ස් සේවාවේ සේවයේ යෙදෙන ගුවන් යානා වෙයි. විටෙක ත‍්‍රස්ථවාදී තර්ජන මධ්‍යයේ යාපනය අර්ධද්වීපය වෙතමගීන් ප‍්‍රවාහනය කරමින් ගුවන් ගමන් සිදුකල එකම ගුවන් යානාවන් වූයේද මෙම ගුවන් යානා වීම විශේෂත්වයකි. රටක ආර්ථිකයට සහයෝගයක් වශයෙන්  සුවිශාල යුධ ජයග‍්‍රහනයකට පසුව ගුවන් හමුදාවක් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ඇරඹි ප‍්‍රථම ගුවන් හමුදාව ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කල හැක.


HELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air traveller

මෙහයුම් ගුවන් යානා
HELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air travellerHELITOURS  airborne in peaceful skies to serve the nations domestic air traveller
             Jet Ranger                         Bell 212                                        Bell 412              
HELITOURS  airborne in peaceful skies to serve the nations domestic air traveller
                  MI17                                   

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි