අන්තර් සේවා පාපන්දු තරගාවලියේ පලමු තරගයෙන් ගුවන් හමුදාව 1-0 ලෙස නාවික හමුදාව පරදයි
12:05pm on Wednesday 21st July 2010
ඊයේ (20) සවස යුධ හමුදා ක්‍රීඩා පිටියේ පැවති අන්තර් සේවා පාපන්දු තරගාවලියේ පලමු තරගයෙන් ගුවන් හමුදාව 1-0 ලෙස නාවික හමුදාව පරාජය කිරීමට සමත්විය.
 
දහ අටවෙනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වු නායක ගුවන් භට ලංකේශ්වර දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ගුවන් හමුදා කණ්ඩායමට ජයග්‍රාහී ගෝලය හිමි කර දුන්නේය.
යුධ හමුදා පාපන්දු සංච්තයේ සභාපති මේජර් ජෙනරල් මාර්ක් සහ උප සභාපති බ්‍රිගේඩ්යර් කාරියවසම් තරගයේ ප්‍රධාන ආරාධ්තයින් ලෙස සහභාගී විය.

ගුවන් හමුදා පාපන්දු සංච්තයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කුමාරසිරි, ගුවන් හමුදා පාපන්දු සංච්තයේ ලේකම් ගෲප් කැප්ටන් කොටගේ සහ ගුවන් හමුදා විධායක ක්‍රීඩා නිලධාරී ගෲප් කැප්ටන් හර්ෂ ප්‍රනාන්දු මෙම තරගයේ විශේෂ අමුත්තන් ලෙස සහභාගී විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි