අන්තර් ඒකක හොකී තරගවලියේ ජය ඒකල කදවුරට
4:28pm on Wednesday 21st July 2010
ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරගාවලියේ අවසන් තරගය ඒකල කදවුරු ක්‍රීඩංගනයේදී පසුගියදා නිමාවට පත්විය. අවසන් තරගයේදී ඒකල කදවුරු කණ්ඩායම සත් සාමාජික තරගාවලිය සහ 11 දෙනෙකුගෙන් සමන්විත තරග ඉසව්වන්හි ශූරතා දිනා ගැනීමට සමත් විය.
 
සත් සාමාජික තරගයේදී 3-1 ලෙසින් කටුනායක 26 වෙනි රෙජිමේන්තු පක්ෂාංගය පරාජයට පත්කල අතර 11 දෙනෙකුගෙන් සමන්විත තරගයේ විශිෂ්ඨ ලෙස ඒකල කදවුර ක්‍රීඩා කරමින් 1-0 ලෙස හිගුරක්ගොඩ කදවුර පරාජයට පත් කරන ලදී.

තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස අධ්‍යක්ෂ සාමාන්‍ය ඉංජිනේරු ගුවන් කොමදෝරු බී.එල්.ඩබ්ලිව්. බාලසූරිය සහභාගි වූ අතර ගුවන් හමුදා හොකී සංචිතයේ සභාපති සැපයුම්
අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු ටී.එම්.පී.ඩී.ටී. තෙන්නකෝන් සහභාගී විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි