පාසල් සිසුවෙකු රණවිරු උපහර දක්වයි
3:12pm on Thursday 5th August 2010
ජී.එම්. උදිත ලහිරු අපොන්සු විසින් ආබාධිත ගුවන් භට මධුසංක එන්.එම්.ඒ. කෘතිම පාදයක් පරිත්‍යාග කරන ලදී.

නො.6/2, නාවැටිය, කිරිඳිවැල පදිංචි ලහිරු අපොන්සු කොළඹ මහානාම විදුහලේ සිසුවකු වන අතර තම 16 වන උපන්දිනය සැමරීම සඳහා මෙම පරිත්‍යාගය සිදුකරන ලදී. ඔහුගේ පියා කුලදාස අපොන්සු සහ මව කාවින්දි අපොන්සු විසින් මොහුව මේ සඳහා යොමුකරන ලදී.

ගුවන් විරු මධුශංක, ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ සේවය කරමින් සිටියදී 2009 සැප්තැම්බර් මස 26 වන දින පුද්ගල නාශක බෝම්බයකට හසු වීමෙන් මෙම අනතුර සිදුවන ලදී.

අධ්‍යක්ෂ සෞඛ්‍යය සේවා, එයාර් වයිස් මාර්ෂල් නිමල් ගුණරත්න සහ අධ්‍යක්ෂ මෙහෙයුම් භූමි, ගුවන් කොමදෝරු ක්‍රිශාන් යහම්පත් මෙම සත්කාරක ක්‍රියාවට මුල් වී වැඩකරන ලදී. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි