ගුවන් හමුදාව කසල කළමණාකරන ව්‍යාපෘතියකට මුල පුරයි
5:46pm on Thursday 19th August 2010
මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ණ අනුග්‍රහය මත ගුවන් හමුදාව කසල කළමණාකරන ව්‍යාපෘතියක් අද දින (19) ආරම්භ කරන ලදී.

කසල බැහැර කිරීම සහ කළමණාකරනය ලංකාවේ දැඩි පාරිසරික ගැටළුවක්ව පවතින අතර මෙයට පිළියම් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ආයතනික වශයෙන් ලංකාව තුල මෙම ව්‍යාපෘතිය හදුන්වා දෙන අතර ගුවන් හමුදාවද මේ අ
නුව දැනුවත් වී ආයතනය තුල කැලි කසල වෙන් වෙන් වශයෙන් එකතු කිරීමටත් මධ්‍යම අධිකාරීයේ උපදෙස් මත ක්‍රියාත්මක වී මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට තීරනය කරන ලදී.

ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය භාර නිළධාරී බලඝන නායක සී.පී. හෙට්ටිආරච්චි පැමිනි සියළු නිළධාරින් පිළිගත් අතර මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හේතු පාදක වන කරුණු පිළිබද දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරන ලදී. කදවුරු වැඩබලන නිළධාරී විංග් කමාණ්ඩර් අතුල නානායක්කාර, පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරන ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂ මනෝජ් විල්තොට මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රමනි ඇල්ලෙපොල යන මහත්ම මහත්මීන් දීර්ග ලෙස මෙම උත්සවය අමතමින් කරුණු පැහැදිලි කරන ලදී.

ආයතනය තුල වෙන් වෙන්ව කසල එකතු කිරීමට සංකේතවත් ලෙස බදුන් කට්ටල 04ක් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් රමනි ඇල්ලෙපොල මහත්මී
විසින් කොළඹ කදවුරේ වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් අතුල නානායක්කාර වෙත ලබා දෙන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි