අන්තර් ඒකක ටෙනිස් ශූරතාවලිය ගුවන් හමුදා කොළඹ කදවුරට
3:55pm on Wednesday 25th August 2010
2010 අගෝස්තු මස 16 සිට 26 දිනයන් හිදී පැවති අන්තර් ඒකක ටෙනිස් තරගාවලිය ජයග්‍රහනය කිරීමට ගුවන් හමුදා කොළඹ කදවුර සමත් විය.

මෙම ශූරතාවලිය දිනා ගැනීමට තරග 05න් 03 ජය ගත යුතුව තිබුනු අතර ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය කදවුර පළමු තරග 03 පරාජය කරමින් (කේවල 02 ,යුගල 01) කොළඹ කදවුර ජයග්‍රහනය ලැබීය.

කොළඹ හා චීන වරාය කදවුරු පිළිවෙලින් දියතලාව හා රත්මලාන කදවුරු මූලික වටයේ තරග වලදී පරාජයට පත්කරන ලදී.

මෙහිදී පැවති විවෘත තරගාවලීයේ විංග් කමාන්ඩර් අමල් විමලරත්න සහ බලඝණ නායක සුසන්ත වීරසේකර විසින් ගෲප් කපිතාන් උදේනී රාජාක්ෂ හා බලඝණ නායක අමල් ඩයස් පරාජය කරමින් යුගල ශූරතාවලිය දිනාගත් අතර , අයහපත් කාලගුන තත්වය හේතුවෙන් කේවල ශූරතාවලිය සමසේ බෙදාගැනීමට විංග් කමාන්ඩර් අමල් වීරරත්න හා බලපන්ති ලුතිනන් කිරිවැල්ලට සිදුවිය.

කේවල  තරගය 01

ශූරතාවය
බලඝණ නායක සමන්ත වීරසේකර (ගුවන් හමුදා කදවුර කොළඹ )

අනු ශූරතාවය
බලපන්ති සැරයන් පුෂ්පකුමර (ගුවන් හමුදා කදවුර චීන වරාය )

කේවල  තරගය 02

ශූරතාවය
බලඝණ නායක අමල් ඩයස් (ගුවන් හමුදා කදවුර කොළඹ )

අනු ශූරතාවය
කෝප්‍රල් ඒකනායක (ගුවන් හමුදා කදවුර චීන වරාය )

යුගල  තරගය 01

ශූරතාවය
විංග් කමාන්ඩර් අමල් විමලරත්න (ගුවන් හමුදා කදවුර කොළඹ )
බලඝණ නායක සමන්ත වීරසේකර(ගුවන් හමුදා කදවුර කොළඹ )

අනු ශූරතාවය
බලපන්ති සැරයන් පුෂ්පකුමර (ගුවන් හමුදා කදවුර චීන වරාය )
කෝප්‍රල් ජයසේකර (ගුවන් හමුදා කදවුර චීන වරාය )

කේවල අවසන් තරගය

සම ශූරතාවය
විංග් කමාන්ඩර් අමල් විමලරත්න
බලපන්ති ලුතිනන් කිරිවැල්ල

විවෘත යුගල  අවසන් තරගය

ශූරතාවය
විංග් කමාන්ඩර් අමල් විමලරත්න  
බලඝණ නායක සමන්ත වීරසේකර

අනු ශූරතාවය
ගෲප් කපිතාන් උදේනී රාජපක්ෂ
බලඝණ නායක අමල් ඩයස්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි