මාමඩුව කඳවුරට අවුරුද්දයි
5:29pm on Monday 30th August 2010
මාමඩුව ගුවන් හමුදා අතරමැදි කඳවුර 2009 අගෝස්තු මස 28 දින වව්නියාව දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන ලද අතර මෙම කඳවුර මගින් "උතුරු වසන්තය" ඇතුළු උතුරු නැගෙනහිර කලාපයේ සිදුවන සියළුම සංවර්ධන කටුයුතු මෙන්ම නැවත ස්ථාපිත කෙරෙන උතුරු නැගෙනහිර හමුදා කඳවුරුවලට අවශ්‍යය කළු ගල් සැපයීම කරන අතර ගුවන් හමුදාවට අවශ්‍යය කුඩා ප්‍රමාණයේ කළු ගල් අවශ්‍යයතාවයන් ද සපුරනු ලබයි.  

මෙම කඳවුරු ප්‍රදේශයේ පිහිටුවා ඇති ගල් කොරියේ යන්ත්‍රානුසාරයෙන් කළු ගල් අවශ්‍යය ප්‍රමාණයට කැඩීම, පිපිරවීම් සහ සුවිසල් යන්ත්‍ර සුත්‍ර මෙහෙයවීම ඇතුළු සියලුම කාර්යභාරයන් ගෲප් කැප්ටන් එච්.ඒ පේරුසිංහ නිළධාරීතුමන්ගේ උපදෙස් පරිදි කඳවුරු අණදෙන නිළධාරී බලඝණ නායක පී.එස්.ඩබ්. මොල්ලිගොඩ නිළධාරී තුමන්ගේ අණ යටතේ ගුවන් හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබයි. මෙම සුවිශේෂී කටයුතු නිසාම මාමඩුව අතරමැදි කඳවුර ගුවන් හමුදාධිපති නියමයෙන් 2010 ජුනි මස 02 වන දින පක්ෂාංගයක් බවට පත් විය.
 
අගෝස්තු 28 දිනට මාමඩුව කඳවුරට අවුරුද්දක් සපිරීම අභිමානයෙන් අනුස්මරණය කරමින් කඳවුරු සාමාජිකයින් විසින් ආගමික වැඩසටහන් සහ ලේ දන්දීමේ පුණ්‍යය කටයුත්තක් සංවිධානය කල අතර මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා යුධ හමුදාව, පොලිසිය සහ සිවිල් පුද්ගලයින්ගෙන් ලැබුනු සහය අගය කල යුතුවේ.

වව්නියාව වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එම්.ජේ බණ්ඩාර මේම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස පැමිණ සිටි අතර අවට යුධ හමුදා, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම සිවිල් පුද්ගලයින්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි