ආරක්‍ෂක සේවා මලල ක‍්‍රීඩා කාන්තා ශූරතාවය ගුවන් හමුදාවට, පිරිමි ශූරතාවය යුධ හමුදාවට
12:06pm on Monday 20th September 2010
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව හා ශ‍්‍රි ලංකා යුධ හමුදාව පිලිවෙලින් ආරක්‍ෂක සේවා මලල ක‍්‍රීඩා කාන්තා හා පිරිමි ශූරතාවයන් දිනා ගැනීමට පසුගිය දා සමත් විය.

සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පසුගිය සැප්තැම්බර් මස 13, 14 සහ 15 යන දිනයන්හිදී පැවති මෙම මලල ක‍්‍රීඩා තරඟාවළියේ සමස්ත පිරිමි ශූරතාවය යුධ හමුදාව විසින් දිනා ගනු ලැබූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එහි කාන්තා ශූරතාවය දිනා ගන්නා
ලදී.

තරඟාවළියේ දක්‍ෂතම මලල ක‍්‍රීඩකයා ලෙස මීටර් 800 තරඟය වි. 01 තත්. 49.78 කින් නිම කරමින් ජයග‍්‍රහනය කරනු ලැබූ යුධ හමුදාවේ සැරයන් මෙන්ඩිස් ටී.කේ.එල්. තේරී පත් වුන අතර දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මීටර් 200 තරඟ ඉසව්ව තත්. 24.26 කින් නිම කරමින් ජයග‍්‍රහණය කරනු ලැබූ ගුවන් හමුදාවේ කෝප‍්‍රල් චන්‍ද්‍රිකා රස්නායක ක‍්‍රීඩිකාව තේරී පත් විය.

මලල ක‍්‍රීඩා තරඟ අවසානයේ ලකුණු සටහන

පිරිමි
යුධ හමුදාව - 113
නාවික හමුදාව - 50
ගුවන් හමුදාව - 46

කාන්තා
ගුවන් හමුදාව - 86
යුධ හමුදාව - 55
නාවික හමුදාව - 38

මෙම තරඟාවළිය පුරාවටම පැවති ජාතික තරඟ වාර්ථාවන් දෙකක් සහ ආරක්‍ෂක සේවා තරඟාවළි වාර්ථාවන් නවයක් අළුත් කරන්නට ක‍්‍රිඩක කී‍්‍රඩිකාවෝ සමත් කම් දක්වන ලදී,

නව ජාතික වාර්ථාවන්
මීටර් 1500 (කාන්තා) - 4.22.40  - ලාන්ස් කෝප‍්‍රල් දිල්රුක්‍ෂි එන්.එම්.සී. -
ශ‍්‍රී ලංකා යුධ හමුදාව
මිටිය විසි කිරීම (කාන්තා) - මීටර් 30.30 -කෝප‍්‍රල් ගල්හේන ජී.ජේ.ඒ. - ශ‍්‍රී
ලංකා යුධ හමුදාව


ආරක්‍ෂක සේවා තරඟ වාර්ථාවන්

මීටර් 800 (පිරිමි) - වි. 1.49.78 - සැරයන් මෙන්ඩිස් ටී.පී.කේ. (ශී‍්‍ර ලංකා
යුධ හමුදාව)

උස පැනීම (පිරිමි) - මීටර් 2.11 - ලාන්ස් කෝප‍්‍රල් රත්නසිරි ඒ.ඞී.එන්.පී. (
ශී‍්‍ර ලංකා යුධ හමුදාව)

යගුලිය විසි කිරීම (පිරිමි) - මීටර් 14.71 - නායක ගුවන් භට වන්නිආරච්චි -
(ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව)

මීටර් 5000 (කාන්තා) - වි 17.23.85 - කෝප‍්‍රල් සඳමාලි ඞී.ඒ.එස්. (ශ‍්‍රී ලංකා
ගුවන් හමුදාව)

දුර පැනීම (කාන්තා) - මීටර් 1.74 - කෝප‍්‍රල් විනෝදනී එල්.ජී.කේ.ටී.( ශී‍්‍ර
ලංකා යුධ හමුදාව)

කවපෙත්ත විසි කිරිම (කාන්තා) - මිටර් 42.84 - ගුවන් කාන්තා වීරසේකර
ඩබ්.එම්.එස්.කේ. ( ශී‍්‍ර ලංකා යුධ හමුදාව)

මීටර් 100 සහය දිවීම (පිරිම්) - ශ‍්‍රී ලංකා නාවික හමුදාව - තත් 40.81

මීටර් 100 සහය දිවීම (කාන්තා) - ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව - තත් 45.80

මීටර් 400 සහය දිවීම (පිරිම්) - ශ‍්‍රී ලංකා යුධ හමුදාව - වි 3.45.01


තරඟාවළියේ දැක්වු විසේශ දක්‍ෂතාවයන් වෙනුවෙන් විශේෂ කුසලතා ප‍්‍රදානය කරීමක්ද සිදු කරන ලදී.

පිරිමි අංශයේ කුසලතාවයන්

පිටියේ තරඟයන්හි හොඳම දක්‍ෂතාවය
ලාන්ස් කෝප‍්‍රල් ගමගේ පී.එල්.එම්.ජි.සී.එම්. (යුධ හමුදාව) - තුන් පිම්ම -
15.75 මීටර්

වන තරඟයන්හි හොඳම දක්‍ෂතාවය
සැරයන් මෙන්ඩිස් (යුධ හමුදාව) - මීටර් 800 - වි.1.49.78

තරඟාවළියේ හොඳම දක්‍ෂතාවය( පිරිම්)
සැරයන් මෙන්ඩිස් (යුධ හමුදාව) - මීටර් 800 - වි.1.49.78
 
කාන්තා අංශයේ කුසලතාවයන්

පිටියේ තරඟයන්හි හොඳම දක්‍ෂතාවය
සැරයන් නදීකා ලක්මාලි ඩි.එල්. (යුධ හමුදාව) - හෙල්ල විසි කිරීම - මීටර් 53.45

ජවන තරඟයන්හි හොඳම දක්‍ෂතාවය
කෝප‍්‍රල් චන්ද්‍රිකා රස්නායක (ගුවන් හමුදාව) - මීටර් 200 - තත්. 24.26

තරඟාවළියේ හොඳම දක්‍ෂතාවය( කාන්තා)
කෝප‍්‍රල් චන්ද්‍රිකා රස්නායක (ගුවන් හමුදාව) - මීටර් 200 - තත්. 24.26






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි