ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම බංගලාදේශයේ සංචාරයක
10:17am on Tuesday 4th September 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර ක‍්‍රීඩා දැනුම හුවමාරු කිරීමේ වැඩසටහන යටතේ සුහද වොලිබෝල් තරඟාවළියකට සහභාගී වීම සඳහා සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම  බංගලාදේශයේ සංචාරය කිරීමට නියමිත වෙයි. තරඟාවළිය 2018 සැප්තැම්බර් මස 03 වන දින සිට 09 වන දින දක්වා පැවැත්වේ.

මෙම සංචාරය සඳහා ගුවන් හමුදා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් අයිකේ වීරරත්න, කණ්ඩායම් පුහුණුකරු, සහය පුහුණුකරු සහ ක‍්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත වෙයි. මෙම ඛ‍්‍රීඩා හුවමාරු වැඩසටහන යටතේ ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමක් බංගලාදේශයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි