අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 61 වන සංවත්සරය සමරයි
10:23am on Tuesday 4th September 2018
අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 61 වන සංවත්සරය 2018 සැප්තැම්බර් මස 01 වන දින සමරන ලදී. මෙම බළඝණය 1957 වසරේ සැප්තැම්බර් මස 01 වන දින අංක 02 පක්‍ෂාංගය ලෙස කටුනායක දී ආරම්භ කරන ලදී. ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පීඑච් මෙන්ඩිස් එහි පළමු අණදෙන නිළධාරියා විය.

අංක 02 බලඝණය සිය සේවාව වෙනුවෙන් ජනාධිපති වර්ණයන්ගේන් පිදුම් ලබන ලදී. මෙම බලඝණයට අනුයුක්තව ඩි හැවිලන්ඩ් ඩොව්, ඩීසී3, ඩ‍්‍රැගන් ෆ්ලයි හෙලිකොප්ටර්, හෙරන්, රිලි හෙරන්, ස්කය් මාස්ටර්, එච්එස් 748 ඇවව්රෝ, ගෝල්ඩන් ඊගල්, ඊ-200, එස්එෆ් 260 සියයි මාචෙට්ටි, වයි-12 සහ වයි-8 අතීතයේ දී ප‍්‍රවාහන මෙහෙයුම් සිදු කරන ලදී.

මෙම බලඝණය මගින් ඊලාම් යුද්ධයේදී ගුවන් මගින් ප‍්‍රවාහනය සිදු කරමින් දේශය වෙනුවෙන් අතිමහත් සේවයක් සිදු කරන ලදී. මෙම බලඝණය විසින් 1991 සිට 2009 දක්වා යාපනය අර්ධද්වීපය හා කොළඹ අතර ගුවන් පාලමක් වෙමින් ගුවන් මගින් භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු, භට පිරිස් ප‍්‍රවාහන කටයුතු, මෙන්ම විශේශයෙන්ම යුධ සීමිවේ සිට තුවාල ලබන සෙබළුන් ප‍්‍රවාහනය ආදී ප‍්‍රවාහන මෙහෙයුම් රාශියක් අඛණ්ඩව වසර 19 ක්පුරාවට සිදු කරන ලදී.

61 වන සංවත්සරය සමරමින් බලඝණයේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කල ගුවන් විරුවන් සිහිපත් කරන ලදී.

සංවත්සර දින සැමරුම් වඩසටහන් මාලාව යටතේ සංවත්සර දින පෙළපාලිය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජේඑම්ඩීආර්ඒපී ජයමහ විසින් නිරීක්‍සනය කරන ලදී. ඔහු බලඝණයේ 33 වන අණදෙන නිළධාරීවරයා වන අතර පෙළපාලිය අවසානයේ කඳවුරු සාමාජික සාමාජිකාවන් අමතන ලදී.

සංවත්සර දින සැමරුම් වැඩසටහන අංක 02 බලඝණයේ පවත්වන ලද සියළු නිළයන්ගේ තේපැන් සංග‍්‍රහයකින් අවසන් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි