පළමු සීපීඑල් -2018 ටී-10 ක‍්‍රිකට් තරඟාවළියේ ශූරතාවය බ්ලැක් ඊගල්ස් කණ්ඩායමට
9:29am on Wednesday 12th September 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මගින් සංවිධානය කරන ලද පළමු සීපීඑල් දහයයි දහය ක‍්‍රිකට් තරඟාවළිය පසුගිය අගෝස්තු මස 27 වන දින සට 2018 සැප්තැම්බර් මස 03 වන දින දක්වා කොලඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී. එහිදී ටොප් ෆ්ලෝ ඊගල්ස් කණ්ඩායම පරාජය කරමින් බුලැක් ඊගල්ස් කණ්ඩායම විසින් ශූරතාවය දිනා ගන්නා ලදී.

මෙවර තරඟාවළිය සඳහා කණ්ඩායම් 32 ක් සහභාගී වූ අතර එහිදී අර්ධ අවසාන තරඟ සඳහා කණ්ඩායම් 4 ක් තේරී පත්විය. එහිදී 2018 අගෝස්තු මස 30 වන දින අර්ධ අවසාන තරඟ සඳහා සහභාගී වූ ටොප් ෆ්ලෝ ඊගල්ස් (ගුවන් ලේකම් කාර්යාල* කණ්ඩායම විසින් දිලෙන තරු (බත්තරමුල්ල ගුවන් හමුදා පහිනාංකය) කණ්ඩාම පරාජය කරමින් අවසන් තරඟයට තේරී පත්විය. බ්ලැක් ඊගල්ස් (අංක 45 ප‍්‍රභූ ආරක්‍ෂක පක්‍ෂාංග) කණ්ඩායම විසින් බේස් සුපර් කිංග්ස් (කොළඹ ගුවන් හමුදා කඳවුරු මූලස්ථාන) කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරඟය සඳහා තේරී පත්විය.

තරඟාවලියේ අවසන් මහා තරඟය  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ  සහභාගීත්වයෙන් කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රිඩාංගනයේදී විදුලි ආලෝක මධ්‍යයේ රාත‍්‍රි තරඟයක් ලෙසින් පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ලෝක ක‍්‍රිකට් ක‍්‍රිඩාව වෙනස් මාවතකට යොමු කල, ”මාස්ටර් බ්ලාස්ටර්” සනත් ජයසූරිය මහතා ගරු ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගි විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ටොප් ෆ්ලෝ ඊගල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර ඔවුන් සිය පන්දු වාර 10 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 111 ක් රැුස් කරන ලදී. එහිදී ස්කොඩ්රන් ලීඩර් දල්පදාදු ලකුනු 38 ක් රැුස්කරන ලද අතර එය කණ්ඩායම වෙනුවෙන් රැුස්කල ඉහලම ලකුණු සංඛ්‍යාව විය. ලකුණු 112 ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බ්ලැක් ඊගල්ස් කණ්ඩායම පන්දු වාර 19.3 කදී ඉලක්කය සම්පූරණ කරමින් ශූරතාවට හිමිකම් කියන ලදී. එහිදී නායක ගුවන් භට රනවීර ලකුණු 43 ක් ලබාගත් අතර එයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 2ක් අන්තර්ගත විය.

තරඟාවළියේ වීරයා සම්මානය බ්ලැක් ඊගල්ස් කණ්ඩායමේ නායක ගුවන් භට රණවීර විසින් දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි