ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව බංගලාදේශයේ පැවති ක‍්‍රිඩා හුවමාරු වොලිබෝල් තරඟාවළිය ජයගනියි
9:33am on Wednesday 12th September 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර ක‍්‍රීඩා හවුමාරු වැඩසටහන යටතේ බංගලාදේශයේ ඩකා හිදී පවත්වන ලද වොලිබෝල් තරඟාවළියේ ශූරතාවය බංගලාදේශ ගුවන් හමුදා කණ්ඩායම 2-0 ක් ලෙස පරාජයට පත්කරමින්  ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. තරඟාවළිය 2018 සැප්තැම්බර් මස 06 වන දින නිමාවට පත්විය.

පළමු තරඟය 2018 සැප්තැම්බර් මස 04 වන දින පැවති අතර එම තරඟ වට 3-2 ක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජයග‍්‍රණය කරන ලදී. දෙන තරඟය 2018 සැප්තැම්බර් මස 06 වන දින පැවති අතර එම තරඟයද වට 3-1 ක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් ජයග‍්‍රහණය කරන ලදී.

තරඟාවළියේ වටිනාම ක‍්‍රිඩකයා වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ නායක ගුවන් භට රශ්මික ජේඑල්ඒ සම්මාන ලැබීය.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමක් බංගලාදේශයේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි