ගුවන් හමුදාධිපතිතුමන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ශික පරීක්‍ෂණය සිදුකරයි
9:35am on Wednesday 12th September 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි, ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2018 සැප්තැම්බර් මස 07 වන දින පවත්වන ලදී.

පරීක්‍ෂණය ආරම්භ කිරීමට ප‍්‍රථම ගුවන් හමුදාධිපතිතුමන් විසින් පෙළපාලිය නිරීක්‍ෂණයට ලක්කරන ලද අතර කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ විසින් පෙළපාලියට අණදෙන ලදී. එහිදී බලපන්ති සැරයන් දසනායක එම්ඩීඑම්එම්ඩබ්බී, සැරයන් බණ්ඩාර ඒජීආර්එම්, සැරයන් හේරත් ඒජීසීකේ, සැරයන් අතාවුද ඒඑච්එම්ජේබී සහ සැරයන් දිසානායක ඩීඑම්ආර්සී හට ඔවුන් සිදුකරන ලද කැපකිරීම් වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් ගේ ඇගයීමට ලක්කෙරිණි.

පරීක්‍ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු මූලස්ථානය, අංක 06 බලඝණය, අංක33 භූමිගත ගුවන් ආරක්‍ෂණ පක්‍ෂාංගය, සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය සහ අංක 21 රෙජිමේන්තු පක්‍ෂාංගය අතුළු කඳවුරේ සියළුම ස්ථාන සිය නිරීක්‍ෂණයට භාජනය කරන ලදී. මෙහිදී අළුත්වැඩියා කරන ලද ප‍්‍රධාන ආරක්‍ෂක මැදිරිය සහ අළුතින් ඉදිකරන ලද කායවර්ධන ක‍්‍රීඩාගාරයක් විවෘත කිරීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.

එසේම ගුවන් හමුදාධිපතිතුමන්, ගුවන් භට භෝජනාගාරයේ පැවති සියළු නිළයන්ගේ දිවා භෝජන සංගශය වෙනුවෙන්ද සහභාගී විය.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියලු සාමාජිකයන් අමතන ලද අතර එහිදී පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සියළු දෙනාට සුභ පතන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි