අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය 2018
9:36am on Wednesday 12th September 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය පසගිය 2018 සැප්තැම්බර් මස 07 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී තරඟාවළයේ පිරිමි ශූරතාවය මොරවැව ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගත් අතර චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය කාන්තා ශූරතාවය දිනාගන්නා ලදී.

කොළඹ කඳවුර සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රධෘන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා අත්පන්දු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ඩීආර්ඒබී වරකාංග, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි