ගුවන් හමුදාව දකුණු සුඩානයේ ගුවන් අභ්‍යාසයක නිරත වෙයි
4:58pm on Tuesday 18th September 2018
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සඑහයෝගය ඇතිව හෙලිකොප්ටර් යානයට සවිකරන ලද ආධාරක කඹයක් සහ තොටිල්ලක් ආධාරයෙන් ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමක් පසුගිය 2018 සැප්තැම්බර් මස 11 වන දින පළමු වතාවට පවත්වන ලදී.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ප‍්‍රධාන ගුවන් මෙහෙයුම් නිලධාරී සැමුවෙල් ඇබ්රොක්වා මහතාද මෙම අබ්‍යාසය නැරඹීමට එක්ව සිටියේය.

මෙම අභ්‍යාසය මගින් ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමක් සහ රෝගීන් නයිල් නදියේ සිට ඒ ආසන්නයේම පිහිටි රෝහලක් වෙත ගුවන් මගින් ප‍්‍රවාහනය කිරීමේ  ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක‍්‍රියාත්මක කරන ලදී. දකුණු සුඩානයේ සිටින මෙම මෙහෙයුම සිදු කරල හැකි එකම ගුවන් බලඇණිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි