අන්තර් ඒකක දුනු විදීමේ ශූරතාවය 2018
5:00pm on Tuesday 18th September 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය පසුගිය 2018 සැප්තැම්බර් මස 13 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී මඩකලපුව ගුවන් හමුදා කඳවුර සහ මොරවැව ගුවන් හමුදා කඳවුර පිරිමි සම ශූරතාවය දිනා ගනු ලැබූ අතර මඩකලපුව ගුවන් හමුදා කඳවුර කාන්තා ශූරතාවය දිනා ගන්නා ලදී.

එහි කාන්තා අනුශූරතාවයන් කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝව විසින් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් කේඒඑල් රණතුංග මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා දුනු විදීමේ සංචිත සභාපති ගෘප් කැප්ටන් එච්යූ විජේවීර, නිලධාරීන් සෙසු නිළයන් ඇතුළු රැුසක් මෙම අවස්ථාවට එක්වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි