කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී ගුවන් රෝවර් බාලදක්ෂයින් සඳහා පදක්කම් ප‍්‍රදානය කෙරේ
5:06pm on Tuesday 18th September 2018
නවක ගුවන් රෝවර් බාලදක්ෂයන් 13 දෙනෙකු සඳහා සාමාජිකත්ව පදක්කම් ප‍්‍රදානය කිරීම 2018 සැප්තැම්බර් මස 16 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී සිදු කරන ලදී. කටුකුරුන්ද ගුවන් හමදා කඳවුරේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්‍්‍රන් ලීඩර් ඩබ්එල්අයි උදයකුමාර ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. කළුතර දිස්ති‍්‍රක් බාලදක්ෂ කොමසාරිස් එච්ඩී ගුණතිලක මහතා, සහකාර දිස්ති‍්‍රක් කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා, දිනූ ලොකුගේ මහතා, අරවින්ද පතිරගේ මහතා සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ බාලදක්ෂ කණ්ඩායම් නායක ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කේ වීරසේකර ඇතුළු පිරිස්ක මෙම අවස්ථාවට සහභාගී වූහ.

කළුතර දිස්ති‍්‍රක් බාලදක්ෂ කොමසාරිස් එච්ඩී ගුණතිලක මහතා විසින් පැමිණ සිටි පිරිස අමතන ලද අතර එහිදී නවක බාලදක්ෂයන් හට සුභ පතන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි