ගුවන් හමුදාධිපතිතුමන්ගේ ධුර කාලයේ දෙවන වසර සමරමින් ලේ දන්දීමේ ව්‍යාපරයක්
12:25pm on Thursday 27th September 2018
ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ගුවන් හමුදාධිපති ධූරයේ  දෙවන සංවත්සරය සමරමින් කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ජාතික ලේ බැකුවේ සහයෝගය ඇතිව ලේ දන්දීමේ ව්‍යාපාරයක් 2018 සැප්තැම්බර් මස 21 වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන  මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර ගුවන් හමුදාධිපතිතුමන්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, නිළදාරීන් සහ සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් එය සම්පූර්ණ විය. ජීවතයක් සුරකිනු වස් ලේ බිඳුවක් දන් දෙමු යන අධිෂ්ඨානයෙන් යුතුව ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් 192 කු මෙහිදී ලේ දන්දීම සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි