ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලංකා බැංකු සංකීර්ණයේ ගිනි නිවීමේ සරඹයක්
12:44pm on Tuesday 9th October 2018
ශ‍ී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ කණ්ඩායමේ අනුග‍්‍රහයෙන් ගිනි නිවීමේ සරඹයක් කොළඹ ලංකා බැංකු මූලස්ථාන පරිශ‍්‍රයේදී 2018 ඔක්තෝම්බර් මස 05 වන දින පවත්වන ලදී.

කොළඹ කදවුරුගිනි නිවීමේ ඒකකයේ ප‍්‍රධානී ස්කොඩ්රන් ලීඩර් ආර්එන් ඩී  සේනාධීර ඇතුළු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ භටයින් මෙම ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසය සඳහා සහභාගී වූහ. ගුවන් හමුදා ප‍්‍රධාන ගිනි නිලධාරී ස්කොඩ්රන් ලීඩර් සීපී හෙට්ටිආරච්චිගේ අධීක්‍ෂණය යටතේ මෙම අභ්‍යාසය පවත්වන ලදී.

මෙහිදී ගුවන් හමුදා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ භටයින් විවිධ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසයන් රැසක් ඉදිරිපත් කරන ලදී. එහිදී කඹ ආධාරයෙන් තුවාල කරුවන් හා උස් ගොඩනැගිලිවල සිරවූ පුද්ගලයින් බේරා ගැනීමල ගිලන් ඇඳක් ආධාරයෙන් තුවාලකරුවන් පහළට ගෙන ඒම ආදී විවිධ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ක‍්‍රම නිරූපණයන් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සදහා ලංකා බැංකු මූලස්ථානයේ ප‍්‍රධාන ආරක්ෂක නිළධාරී බ්රිගේඩියර් එල් ඩබ්ලිව් එච් ගමගේ (විශ‍්‍රාමික) මහතාද එක්විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි