කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය දෙවන සහ අවසන් දිනය ඇරඹේ
7:20pm on Friday 19th October 2018
2018 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණයේ දෙවන දිනය අද උදෑසන රත්මලාන ඊගල්ස් ලේක් සයිඞ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ විය.

 ”ශ‍්‍රී ලංකාවේ භූ-මූලෝපායික වැදගත්කම සනාථ කිරීම සදහා ගුවන් උපාය මාර්ග” යන තේමාව යටතේ පවත්වනු ලබන මෙවර ගුවන් සම්මන්ත‍්‍රණයේ දෙවන දිනයේ ආරාධිත කථිකයා වශයෙන්  පැසිෆික් කලාපීය ගුවන් හමුදාපතිගේ ජාතික ගුවන් ආරක්‍ෂක සහකාර මේජර් ජෙනරාල් ජේම්ස්  ඕ. අයිෆර්ට් ප‍්‍රථම දේශනය සිදු කරන ලදී. මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ වැදගත්කම, ශ‍්‍රී ලංකාවේ භූ-මූලෝපායික වැදගත්කම සහ මුහුදු කොල්ලකෑම්, අනවසර ධීවර කටයුතු හා මුහුදු මාර්ග ඔස්සේ සිදුකරනු ලබන නීතිවිරෝධී වෙළදාම් පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකළ  හැකි ප‍්‍රධාන කාර්යභාරය පිළිබඳව ජෙනරාල් අයිෆර්ට් සිය කථාවේදී අවධාරණය කරන ලදී.

දෙවන දිනයේ සැසිවාර දෙක අතරතුරදී කථිකයින් සිව්දෙනෙක් විසින් සිය ඉදිරිපත් කිරීම් සහ ප‍්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම සිදු කරන ලදී. දිනයේ පළමු සැසිය ”සහයෝගීත්වයේ බලපෑම” යන මාතෘකාව යටතේ මේධා ද අල්විස් මහත්මිය විසින් මෙහෙයවන ලදී. දෙවන දිනයේ දෙවන සැසිය ”අනෙකුත් හමුදාවන් සමග සහයෝගීතාව” යන මාතෘකාව යටතේ එයාර් වයිස් මාර්ෂල් පී. ඞී. කේ. ටී. ජයසිංහ විසින් මෙහෙයවන ලදී.

සාරාංශ වශයෙන් 2018 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණයේදී විද්වත් කථිකයින් 12 දෙනෙකු විසින් සිය පර්යේෂන වාර්ථා ඉදිරිපත් කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් අණ හා මාණ්ඩලික පාසලේ මහාචාර්ය දොස්තර මයිකල් ක්‍රෙග් විසින් අවසාන දේශනය ඉදිරිපත් කරන ලදී. ඔහු මෙවර සම්මන්ත‍්‍රණයේ කථිකයෙක්ද විය. සියළුම සැසි වාරයන් අවසන් වීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් සියළුම කථිකයින් සහ සැසිවාර මෙහෙයවූ නියෝජිතයින් හට සහතික පත‍්‍ර සහ සමරු තිළිණ ප‍්‍රදානය කරන ලදී.

දින දෙකක් පුරා පැවති සම්මන්ත‍්‍රණයේ සම්මන්ත‍්‍රණ ස්තුති කථාව කමිටු සභාපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා විසින් අද දින සන්ධ්‍යාවේදී සිදු කිරීමත් සමග 2018 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණයේ නිමාව සනිටහන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි