ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බැඩ්මින්ටන් තරගාවලිය - 2018
8:34am on Friday 2nd November 2018
2018 අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගැනීමට හිගුරක්ගොඩ මූලික කදවුරු කන්ඩායම දිනාගත් අතර චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය  අනුශූරතාවය දිනාගන්නා ලදී. තරඟාවලිය 2018 ඔක්තොම්බර් 19 වන දින සිට 26 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගාරයේදී පැවැත්විණි. තරඟාවළිය සඳහා සියලු ගුවන් හමුදා කදවුරු නියෝජනය කරමින් තරඟකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙහිදී වන්නි රෙජිමෙන්තෙු පුහුණු පාසලේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එස් ඒ ආර් ඒ එස් යූ බන්ඩාර හා කටුනායක බන්ඩාරණායක ගුවන් තොටුපල කදවුරේ ෆ්ලයින් ඔෆිසර් ජි එච් චිරංගා පිළිවලින් පිරිමි හා කාන්තා විවෘත ශූරතාවය දිනාගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව් එම් කේ එස් පී  වීරසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා බැඩ්මින්ටන් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර්  ටී ඒ ඩී ආර්  සේනානායක, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි