පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය
8:39am on Friday 2nd November 2018
ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ සිය පරීක්‍ෂණය 2018 ඔක්තෝම්බර් මස 26 වන දින සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීඑස්සී ප‍්‍රනාන්දු විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළගන්නා ලද අතර මාර්ග පෙළ ඛණ්ඩයක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පුද කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසි්න සිය පරීක්‍ෂණය අතරතුරදී කඳවුරු මූලස්ථානය, අංක 07 ගුවන් ආරක්‍ෂණ රේඩාර් පක්‍ෂාංගය, කඳවුරු බලලත් නිලධාරී කාර්යාලය, වැඩ සේවා අංශය, අංක 302 රෙජිමේන්තු බලඝණය, අවි ආයුධ අංශය, උපකරණ අංශය, විද්‍යුත් හා විදුලි සංදේශ අංශය, බලලත් නිළධාරී සහ සැරයන්වරුන්ගේ නිවස්නය, ගුවන් භට භෙෘ්ජනාගාරය, ප‍්‍රවාහන අංශය, නිවාඩු නිකේතන ඇතුළු කඳවුරේ සියළුම ස්ථාන සිය පරීක්‍ෂණයට භාජනය කරන ලදී. එසේම මෙම සංචාරය සිහිපත් වීම උදෙසා බෝඹු පැළයක් රෝපණය කිරීමද සිදු කරන ලදී.

එසේම සැරයන් හපුආරච්චි එච්ඒඒඑස් දක්වන ලද සුවිශිෂ්ට සේවාව උදෙසා ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලද අතර එහිදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සුදානම් කිරීම වෙනුවෙන් සියළු දෙනා හට සුභ පතන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි