දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට
8:41am on Friday 2nd November 2018
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල 2018 ඔක්තෝම්බර් මස 26 වන දින සිය පරීක්‍ෂණයට බාජනය කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව් ඩබ්ලිව් පී ඩී ප‍්‍රනාන්දු විසින් අණදෙන ලද පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී. එහිදී,

සැරයන් ප‍්‍රදීප් කුමාර ඩීඑම්පී
කෝප‍්‍රල් තුෂාර ඒඩී
කෝප‍්‍රල් කුමාර ආර්එම්සී
කේඒ පි‍්‍රයංකර බණ්ඩාර මහතා
එම්කේආර් වීරරත්න මහතා

හට දක්වන ලද සුවිශිෂ්ට දායකත්වය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් පුහුණු පාසල් පරිශ‍්‍රය සිය පරීක්‍ෂණයට භාජනය කල අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුනු පාසලේ අළුතින් ඉදිකරන ලද ගුවන් හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ නිවාඩු නිකේතනය විවෘත කිරීමද සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය සඳහා  කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශීෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි