වව්නියාව ගුවන් හමුදා කඳවුර සිය 40 වන සංවත්සරය සමරයි
8:44am on Friday 2nd November 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කඳවුරේ 40 වන සංවත්සර දිනය  2018 ඔක්තෝබර් 27 වන දින සමරන ලදී.

සංවත්සර දින සැමරුම ආරම්භ කරමින් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එල්එච් සුමනවීර විසින් සංවත්සර දින පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලද අතර අනතුරුව අණදෙන නිළධාරීතුමන් විසින් පෙළපාලිය අමතන ලදී.

සංවත්සර දින සැමරුමට සමගාමීව කඳවුරු අණදෙන නිළධාරීතුමාගේ මගපෙන්වීම යටතේ කඳවුරේ සියලුම නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහබාගීත්වයෙන් විවිධ ප‍්‍රජා සේවා ව්‍යාපෘති ආගමික කි‍්‍රයාකාරකම් සහ විනෝදාත්මක කටයුතු සංවිධානය කරන ලදී.  

  - 2018 ඔක්තෝම්බර් මස 24වන දින බණ වැඩසටහනක් පවත්වන ලදී
  - 2018 ඔක්තෝම්බර් මස 25 වන දින කුඩාකච්චිකුඩිය විද්‍යාලයේ ප‍්‍රජා සේවා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
  - 2018 ඔක්තෝම්බර් මස 26 වන දින ආගමික වැඩසටහනක් දියත් කරන ලදී.

ප‍්‍රජා සේවා ව්‍යාපෘතිය යටතේ පාසල් ළමුන්, ගුරුමහත්ම මහත්මීන් සහ දෙමව්පියන් වෙනුවෙන් වෛද්‍ය සායන, දන්ත වෛද්‍ය සායන සහ වව්නියාව කුඩාකච්චිකුඩිය විද්‍යාලයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ද දියත් කරන ලදී. එසේම මෙම කාලය තුළදී පාසල් ගොඩනැගිලි, සනීපාරක්‍ෂක පහසුකම්, යටිතල පහසුකම් සහ ක‍්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම, අළුත් වැඩියා කිරීම සහ තීන්ත අලේප කිරීම සිදු කරන ලදී. එසේම  විද්‍යාලයට සහ සිසු දරු දැරියන් උදෙසා පාසල් උපකරණ (පාසල් බෑග්, පොත්, සපත්තු, නව නිල ඇඳුම්) පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී. එසේම මෙහිදී ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් සඳහා ජංගම කොණ්ඩා කැපීමේ සහ ඇඳුම් මැසීමේ මධ්‍යස්ථාන පහසුකම් ලබාදීමද සිදු කරන ලදී.

කඳවුරු සාමාජික සාමාජිකයන් උදෙසා වොලිබෝල්, දැල්පන්දු සහ බැඩිමින්ටන් තරඟාවළි සංවිධානය කරන ලද අතර එමගින් සියළු දෙනා හට විනෝදාත්මක අවස්ථාවක් හිමිවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි