ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරක පාලක නිළධාරීන්ගේ 5වන වර්ගීකරණ හා නැවත වලංගු කිරීමේ මණ්ඩලය
1:29pm on Monday 5th November 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරක පාලක නිළධාරීන්ගේ 5වන වර්ගීකරණ හා නැවත වලංගු කිරීමේ මණ්ඩලය 2018 ඔක්තෝම්බර් මස29 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරක පාලක නිළධාරීන්ගේ  5 වන වර්ගීකරණ හා නැවත වලංගු කිරීමේ මණ්ඩලයේ සමුගැනීමේ උත්සවය 2018 ඔක්තෝබර් 26 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නෙයේදි පැවැත්විණි. ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ගෲප් කැප්ටන් ජේ සිංග් මහතාගේ මූලිකත්වයෙන් යුත් විශේෂඥ ඉන්දියානු ගුවන් හමුදාවේ නියෝජිතයින්ගේ ඍජු අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ මෙහි ඇගයීම් මණ්ඩලය පවත්වන ලදී.

වර්ගීකරණ මණ්ඩලයේ පළුමු අදියර කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 01 ගුවන් ආරක්‍ෂන රේඩාර් බලඝණයේදී පවත්වන ලද අතර එහි දෙවන අදියර පලාවිය ගුවන් හමුදා කඳවුරු අංක 05 ගුවන් ආරක්‍ෂන රේඩාර් බලඝණයේදී පවත්වන ලදී.

මෙහිදී ලිඛිත හා ප‍්‍රායෝගික පරීක්‍ෂණ මගින් මෙන්ම වාචික පරීක්‍ෂණයක් මගින්ද ප‍්‍රහාරක පාලක නිළධාරීන් ඇගයීමට ලක් කරන ලදී. ගුවන් යානා පාලක නිලධාරීන් තිදෙනෙකු 'BEE' කාණ්ඩයට උසස් කරන ලද අතර තවත් තිදෙනෙකු වත්මන් කාණ්ඩය සඳහා 'BEE' යලි ප‍්‍රගමනය කරන ලදී.

ගුවන් ආරක්‍ෂණ සමස්ථ මෙහෙයුම් ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ, විධායක ගුවන් ගමන් පාලක නිලධාරී එයාර් කොමඩෝර් එස්සීකේ පල්ලෙවෙල, ගුවන් ආරක්‍ෂණ අණ හා පාලන මධ්‍යස්ථානයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීසී දිසානායක සහ තාක්‍සණික පක්‍සාංගයන්හි සියළුම අණදෙන නිළධාරීවරුන් ආරාධිත අමුත්තන් වශයෙන් මේ අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි