ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම 10වන ආරක්ෂක සේවා තරගාවලියේ අවසන්දින තම හැකියාවන් ප‍්‍රධර්ශනය කරයි
1:18pm on Tuesday 13th November 2018
සිරස ටීවී නාලිකාව මගින් විකාශනයවූ "ගොට් ටැලන්ට්" රූපවාහිනී වැඩසටහනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අංගම්පොර කණ්ඩායම පසුගියදා පනාගොඩ යුධ හමුදා ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවති 10වන ආරක්ෂක සේවා තරගාවලියේ අවසන්දින උත්සවයේදී තම සුපුරුදු දස්කම් ප‍්‍රධර්ශනය කිරීමට සමත් විය. මෙහි නායකත්වය ගෙන කටයුතු කරණ ලද්දේ ප‍්‍රවීන දේශිය ආත්මාරක්ෂක සටන් උපදේශකයෙකු වන අජන්ත මහන්තාරච්චි මහතාය.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාධී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු යුධ හා නාවික හමුදාපති වරුන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ත‍්‍රිවිධ හමුදාවේ උසස් නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි