නව ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්තුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
9:43am on Friday 23rd November 2018
නව ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පසුගිය 2018 නොවැම්බර් මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත විය. කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා විසින් නව ආරක්‍ෂක ලේකම්තුමන් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී. ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක් මගින් ආරක්‍ෂක ලේකම්තුමන් වෙත උත්තමාචාර පුදකිරීමක්ද සිදු කරන ලදී. ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලි පිවිසුම අසලදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් නව ආරක්‍සක ලේකම්තුමන් පිළිගන්නා ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් අතර හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී. මෙහිදී ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඇතූළු ගුවන් හමුදා අද්‍යක්‍සක මණ්ඩලය නව ආරක්‍ෂක ලේකම්තුමන් වෙත හුන්වා දීමද සිදු කරන ලදී.

අනතුරුව ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් ගුවන් හමුදාව ජාතික ආරක්‍ෂාව උදෙසා දක්වන ලද දායකත්වය හා ගුවන් හමුදාව වර්ථමානයේ ඉටුකරනු ලබන කාර්යභාරය පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලදී.

අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමන් ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ගුවන් හමුදා මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී.

අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමන් ගුවන් හමුදා මූලස්ථානයේ ස්ථාපිත ආරක්‍ෂක අමාත්‍යාංශ සයිබර් ආරක්‍ෂන මධ්‍යස්ථානයේ සංචාරයකද නිරත විය. එහිදී ශ‍්‍රී ලංකා හමුදාවන් අතර ඒකාබද්ධ සයිබර් ආරක්‍ෂක මෙහෙයුම් ක‍්‍රියාත්මක කරනු ලබන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි