අන්තර් ඒකක පැසිපන්දු තරඟාවළිය 2018
4:14pm on Monday 3rd December 2018
2018 අන්තර් ඒකක පැසිපන්දු තරඟාවළිය 2018 නොවැම්බර් මස 28 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත්විය. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කණ්ඩායම්  පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

තරඟාවළියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරු තාක්ෂණික පක්ෂාංග කණ්ඩායම හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් හිමිකර ගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා පැසි පන්දු සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් පී ඩී කේ ටී ජයසිංහ, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන්, ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි