මාර්ග නීතිය සම්භන්දයෙන් ගුවන් හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
4:17pm on Monday 3rd December 2018
මාර්ග නීති හා මාර්ග ආරක්ෂාව සම්භන්ධයෙන් ගුවන් හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 29 වන දින ගුවන් හමුදා ඒකල වෘර්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී.

මෙම දේශන සඳහා රථවාහන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා හා පොලිස් මූලස්ථානයේ  රියදුරු පුහුණු පාසලේ කාර්ය භාර නිලධාරී පොලිස් පරීක්ෂක සේනක ගමගේ යන මහත්වරුන් සහභාගී විය.

ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඒ ඩබ්ලිව් ඊ විජේසූරිය මහතා, සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂකයේ නිළධාරීන්, ගුවන් හමුදා ඒකල වෘර්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී තුමන් ,ඒකල වෘර්තීය පුහුණු පාසලේ නිළධාරී අණදෙන තාක්ෂණික සේවා හා ප‍්‍රවාහන සේවා නිළධාරී, කදවුරු රථවාහන පරීක්ෂක වරුන් උසස් හා මූලික පුහුණු හදාරන්නාවූ ගුවන් භටයින් මෙම අවස්ථාව සදහා එක් විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි