අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය මගින් තවත් ප‍්‍රජාසත්කාරක සේවාවන් රැසක්
2:36pm on Tuesday 4th December 2018
අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය මගින් ප‍්‍රජාසත්කාරක සේවාවන් රැසක් පසුගිය නොවැම්බර් 29 වන දින සිදුකරණ ලදී. ඒ අතරට පාසල් පොත්, නිළඇදුම්, පාසල් බෑග් හා පාසල් පාවහන් බෙදා දීමක් ද වේ. තවද බේබියවැව ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති තුමන්ගේ ඉල්ලීමකට අනුව එම විද්‍යාලය වෙත ලේසර් වර්ගයේ පි‍්‍රන්ටරයක් පරිත්‍යාග කරන ලදී. කුමුදුපුර ප‍්‍රාථමික විද්‍යාලයේ පානීය ජල අවශ්‍යතාවයට පිළියමක් ලෙස ජල ව්‍යාපෘතියක්ද සිදුකරන ලදී.

මෙම සත්කාරක සේවා සඳහා මූලිකත්වය ගෙන කටයුතුකරනු ලැබූවේ අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝනයේ අණදෙන නිළධාරී විංග්කමාන්ඩර් කේ එම් එස් පී බී කුලතුංග නිළධාරී තුමන් වන අතර බලඝනයේ  සියළුම නිළධාරීන් හා සිසු නිළයන් ද මෙම කාර්ය සඳහා දායකත්වය දක්වන ලදී.

මෙම ප‍්‍රජාසත්කාරක සේවාවන්ගෙන් ප‍්‍රථිලාභ ලැබූ පාසල්

කුමුදුපුර ප‍්‍රාථමික විද්‍යාලය
බේබියවැව ප‍්‍රාථමික විද්‍යාලය
වඩිගවැව ප‍්‍රාථමික විද්‍යාලය

බලඝනයේ  සියළුම දෙනා හා අනුග‍්‍රාහක භවතුන් මෙම පාසල් පොත් හා පාසල් උපකරණ සඳහා අනුග‍්‍රහය ලබා දී ඇත.

කුමුදුපුර ප‍්‍රාථමික විද්‍යාලය



බේබියවැව ප‍්‍රාථමික විද්‍යාලය


වඩිගවැව ප‍්‍රාථමික විද්‍යාලය
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි