රත්මලාන ගුවන් හමුදා කඳවුර විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගම් 2018 දැනුම මිනුම තරඟාවළිය ජයග5හණය කරයි
5:50pm on Monday 10th December 2018
විශ්‍රාමික ධජ නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද 2018 විශ්‍රාමික ධජ නිළධාරීන්ගේ සංගම් දැනුම මිනුම තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට රත්මලාන ගුවන් හමුදා කණ්ඩායම සමත්කම් දක්වන ලදී. තරඟාවළිය බොරලැස්ගමුව, ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේදී 2018 දෙසැම්බර් මස 01 වන දින පවත්වන ලදී. ත්‍රිවිධ හමුදාවේ කණිෂ්ඨ නිළධාරීන්ගේ බුද්ධි වර්ධනයක් ඇතිකිරීම පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තරඟාවළිය සංවිධානය කරනු ලබයි.

මෙම තරඟාවළිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, කොතලාවල ආරක්‍සක විශ්ව විද්‍යාලය සහ සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් කණ්ඩායම් 100 කට අධික ප්‍රමාණයක් සහභාගී විය. මෙහිදී ශ්‍රී ලංකා සහ ලෝක යුධ ඉතිහාසය, ශ්‍රී ලංකා සහ ලෝක ඉතිහාසය, ක්‍රීඩා, විද්‍යාව, වත්මන් කටයුතු සහ නීතිය පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින් පුළුල් පරාසයක් ඔස්සේ කණ්ඩායම්වල දැනුම පරීක්‍ෂා කරන ලදී.

මෙහිදී ස්කොඩ්රන් ලීඩර් කේඑස්යූසී රණසිංහ, ස්කොඩ්රන් ලීඩර් එස්සීබී මදුරාවල සහ ෆ්ලයිං ඔෆිසර් එච්වීඑච් ද සොයිසා රත්මලාන ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම නියෝජනය කරන ලදී.

තරඟාවළියේ ජයග5හණය කරන ලද රත්මලාන කඳවුරු කණ්ඩායම දැනුම මිනුම කුසලානය සහ මුදලින් රු. 100000 ක ත්‍යාග මුදලකට හිමිකම් කියන ලදී. එම කුසලාන සහ තයාගමුදල් ප්‍රදානය කිරීම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සිදු කරන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා , ත්‍රිවිධ හමුදාවන්හි සේවය කරනු ලබන සහ විහ්‍රාමික ධජ නිළධාරීන් ඇතුළු පරැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි