පළමු යුද්ධ හමුදා කාන්තා බලකායේ සම්මන්ත්‍රණය සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
6:13pm on Monday 10th December 2018
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් හා කාන්තා සාමාජිකාවන් එක්ව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි 2018 දෙසැම්බර් මස 04 වන දින  ”කාන්තාව : සාමයේ පදනම සහ තිරසාර සාමය” යන තේමාව ඔස්සේ සම්මන්ත්‍රණයක් ප්‍රථමවරට පවත්වන ලදී.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහභාගි විය. යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන්ද මෙම අවස්තාවට සහභාගි වූහ.

මෙහිදී ගුවන් හමුදාධීපතිතුමන් සම්මන්ත‍්‍රනය වත පිළිගැනීම යුධ හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.

මෙම සම්මන්ත්‍රණයේ දී ”තිරසාර සාමය සඳහා තීරණ ගැනීමෙහිලා කාන්තාවන්ගේ සහභාගිත්වයේ ඇති බලපෑම”, ”තීරණ ගැනිමේදි කාන්තාවන්ගේ නායකත්වය ඉවහල්වන අයුරු සහ තීරසාර සාමය කෙරෙහි ඇති බලපෑම”, ”සංවර්ධන කාර්ය සඳහා ආයතනික වශයෙන් කාන්තාවන්ගේ නායකත්වයේ ඇති බලපෑම”, ”සාමය ආරක්‍ෂා කිරීම සහ සාමය ඇතිකිරීම උදෙසා කාන්තාවන්ගේ කාර්යභාර්ය”, ”සාමසාධක ක්‍රියාවලිය සඳහා මෙන්ම සංහිඳියා ක්‍රියාදාමය සඳහා සන්නද්ධ හමුදා කාන්තාවන්ගේ කාර්යභාර්ය”, ”ජාතිය ගොඩනැගීම සඳහා කාන්තාවන් සවිබලගැන්වීම”, ”ජාතිය ගොඩනැගීම සඳහා කාන්තාවන්ගේ නායකත්වය පිළිබඳ දකුණු ආසියාතික කලාපීය අත්දැකීම්”, ”විදේශ ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා කාන්තා ව්‍යවසායකත්වය සහ කාන්තා නායකත්වයේ ඇති වැදගත්කම” යන තේමාවන් ඔස්සේ සම්මන්ත‍්‍රණය පවත්වනු ලැබූ අතර අනතුරුව ප‍්‍රශ්න යොමුකිරීමේ සහ පිළිතුරු සැපයීමේ වටයක්ද පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි