සේවා වනිතා ඒකකයෙන් තවත් විශේෂ පරිත්‍යාග රැසක්
9:41am on Friday 21st December 2018
කොළඹ සිටි සිංහ සමාජය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත පසුගිය දෙසැම්බර් මස 11 දින රෝද පුටු 05 ක් හා ජුකී මහන මැශින් 05 ප‍්‍රධානය කිරීම කොළඹ සේවා වනිතා ඒකකයේදී සිදුකරන ලදී.
 
ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන් විසින් සිදුකරන ලද විවිධ ඉල්ලීම් සලකා බලමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් මේ වනවිට ඉතා වටිනා  පරිත්‍යාගයන් රැසක් සිවිල් හා සේවා පුද්ගලයින් වෙත සිදුකරන ලදී.

කොළඹ ගුවන් හමුදා ඒකකයේ සේවය කරන සිවිල් සේවක නිහාල් රංජිත් මහතාගේ බිරිද හට මහන මැශිමක් පරිත්‍යාග කිරීම සිදුකරන ලදී. මීට අමතරව තවත් මහන මැශින් 03 ක් පහත සේවා හා සිවිල් පුද්ගලයින් වෙත ප‍්‍රධානය කරන ලදී.
සැරයන් චන්ද‍්‍රසේකරගේ බිරිද
නායක ගුවන් භට හර්ශදේවගේ බිරිද
සිවිල් සේවක නිහාල් රණසිංහගේ බිරිද

මීට අමතරව සිවිල් සේවක එස් කේ සිල්වා මහතාගේ දියනිය හට ශිෂ්‍යත්ව ප‍්‍රධානයක්ද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි