අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2018
10:20am on Friday 21st December 2018
2018 අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2018 දෙසැම්බර් මස 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුර  පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී. එසේම එහි පිරිමි අනුශූරතාවය ගුවන් හමුදා වන්නි රෙජිමෙන්තු පුහුණු පාසල දිනාගත් අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදා කටුනායක මූලික කදවුරු අණදෙන නිළධාරී  එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ මහතා  ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා වූෂූ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස්සීකේ පල්ලෙවෙල නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි