ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් ධාවන පථයන් ආශි‍්‍රතව ”වෙදර් බඩී” ස්වයංකීය කාලගුණ අධීක්ෂණ පද්ධතිය ආරම්භ කරයි
10:43am on Friday 21st December 2018
”වෙදර් බඩී” කාළගුණ මධ්‍යස්ථානය සංවේදක  හයකින් සමන්විත ස්වයංක‍්‍රීයව කාලගුණය අධීක්‍ෂණය කැනු ලබන මධ්‍යස්ථානයකි. එමගින් සුලෙඟ් දිශාව, සුළෙඟ් වේගය, උෂ්ණත්වය, තෙරපුම, ආ්ර්ද‍්‍රතාවය සහ වර්ෂාපතනය නිර්ණය කරනු ලබයි. එමගින් තත්ය කාළගුණ දත්ත රැුහැන් රහිතව අභ්‍යන්තර දත්ත ලබාගැනීමේ ඒකකය වෙත හුවමාරු කළහැක. අනතුරුව එම දත්ත අන්තර්ජාලයේ උඩුගත කරනු ලබන අතර එමගින් වෙදර් බඩී වෙබ් අඩවිය හෝ ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන මගින් කාළගුණ තොරතුරු ලොව ඔුනෑම තැනක සිට නැරඹිය හැකිය. මෙම පද්ධතිය සූර්යබලයෙන් සහ ආරෝපණය කළ හැකි බැටරි මගින් බලගැන්වේ.

මෙම පද්ධතිය රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගයේ පර්යේෂණ හා සංවර්ධන රසායනාගාරයෙහි නිපදවන ලදී. මේ සඳහා 2017 වසරේ හොඳම පර්යේෂණ කණ්ඩායමට හිමි ගුවන් හමුදා සම්මානයද හිමි විය.

ගුවන් හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම කාලගුණ මධ්‍යස්ථාන හයක් ගුවන් හමුදාවේ ගුවන් ධාවන පථ ආශ‍්‍රිතව ස්ථාපිත කරන ලද්ී.

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය
අනුරාධපුර ගුවන් හමුදා කඳවුර
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර
පලාලි ගුවන් හමුදා කඳවුර
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර
වීරවිල ගුවන් හමුදා කඳවුර

ඉදිරියේදී මෙම කාළගුණ පද්ධති සියළුම ගුවන් හමුදා ගුවන් ධාවන පථ ආශි5තව ස්ථාපිත කිරීමට සැලසුම් කොට තිබේ.

පහත දැක්වෙන යොමු මගින් ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන සහ වෙබ් අඩවිය මගින් කාළගුණ තොරතුරු ලබාගත හැකිය

ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන


වෙබ් අඩවිය
http://203.115.24.232/app

Web Site

http://203.115.24.232

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි