සේවා වනිතා ඒකකයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්
2:47pm on Monday 24th December 2018
ගුවන් හමුදාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක කරන ලද සමාජ සත්කාරක වැඩසටහනක් වශයෙන් සිවිල් ජනතාව සඳහා වෛද්‍ය කඳවුරක් සහ ආධාර බෙදා දීමක් 2018 දෙසැම්බර් මස 17 වන දින ගිරිඋල්ල සහ නාරම්මල ප‍්‍රදේශයේදී සිදුකරන ලදී.

ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුනවර්ධන, නිළධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, සෙසු නිළයන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි