ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ වැඩසටහනක්
3:09pm on Monday 24th December 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ශිෂ්‍යත්ව බෙදා දීමේ වැඩසටහනක් පසුගිය 2018 දෙසැම්බර් මස 18 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

මෙම වාර්ෂික ශිෂ්‍යත්ව ප‍්‍රදාන වැඩපිළිවෙල සඳහා 5 වසර සිට උසස් පෙළ දක්වා සිසුන් තෝරා ගනු ලබයි. මෙහිදී ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියදී රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ, දැනට සේවයේ යෙදී සිටින සාමාජික සාමාජිකාවන්ගේ සහ සිවිල් පුද්ගලයින්ගේ දරු දැරියන්ගෙන් තෝරාගත් සිසු සිසුවියන් 200 ක් අතරින් 46 දෙනෙකු හට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලදී.

2017 වසරේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ”ඒ” සාමාර්ථ 9 ක් ගත් සිසු සිසුවියන් විසි දෙදෙනෙකු හට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් මුදල් ත්‍යාග ප‍්‍රදානය කිරීම සහ ඇගයීමට ලක් කිරීම සිදු කරන ලදි.

ගුවන් හමුදාධිපතිතුමන් සහ සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් සිසු දරු දැරියන් හට සුබපතන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි