මුලතිව් ප‍්‍රදේශයේ ගංවතුරින් විපතටපත් වූවන් සඳහා වෛද්‍ය කඳවුරක්
6:46pm on Monday 31st December 2018
මුලතිව් ප්‍රදේශයේ සහ මන්නකඩාල් සායන මධ්‍යස්ථානයේ පිහිටි මන්නකාන්ඩාල් රජයේ දෙමළ මිශ්‍ර පාසල මන්නකාන්ඩාල් ප්‍රජා ශාලාව හා මුත්තායියන්කඩ්ඩු යන ප්‍රදේශ වල  2018 දෙසැම්බර් 27 සහ 28 යන දිනවලදී වෛද්‍ය සායනයක් සාර්ථකව පවත්වන ලදී.

මෙම සත්කාරය සඳහා ගුවන් හමුදාව සමග ශ‍්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලය හා විජය පුවත්පත් ආයතනය එක්විය. වෛද්‍ය උපදේශන පහසුකම්  මනෝවිද්යාත්මක උපදේශ හා නොමිලේ සිදුකල වෛද්‍ය ප‍්‍රථිකාර මෙම සේවාවන් සඳහා ඇතුලත් විය.

මෙම වැඩසටහන සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩල නිළධාරීන් 50 පමණ පිරිසක්ද ගුවන් හමුදා මුලතිව් කඳවුරේ සේවා පුද්ගලයින් ඇතුලු පිරිසක් සහභාගී විය.

ගුවන් හමුදා මුලතිව් කඳවුරේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් කසුන් බන්දුසේන නිළධාරීන් සිසු නිළයන් පිරිසක්ද මේ සඳහා එක්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි