ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නව වසරේ රාජකාරී අරඹයි
12:43pm on Monday 7th January 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් නව වසරේ ගුවන් හමුදාවේ රාජකාරීන් ආරම්භ කරමින් 2019 ජනවාරි මස 01 වන දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ‍්‍රයේදී ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇමතීය.

මෙම සියළු වැඩසටහන සජීවීව සියළුම ගුවන් හමුදා කඳවුරු වලදී විකාශනය කරන ලදී. දිනයේ රාජකාරීන් ආරම්භ කරමින් ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කළ අතර අනතුරුව සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් රාජ්‍ය සේවා ප‍්‍රතිඥාව කියවීම සිදු කරන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියළු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් පසුගිය වසරේ ගුවන් හමුදාවේ කටයුතු දෙස ආපසු හැරී බලන මෙන් සියළු දෙනාටම ආරාධනා කල අතර 2018 වසරේදී ගුවන් හමුදාව විසින් ලබාගත් සියළු ජයග‍්‍රහණයන් යථාර්තයක් බවට පත්කරගැනීම උදෙසා දායකත්වය දක්වන ලද සියළු දෙනාටම සිය සුභාශිංසන පිරිනමන ලදී. එසේම 2018 වසරේදී ඉදිරිපත් කරන ලද ”ගුවන් හමුදා මූලධර්ම” සහ ”2025 දැක්ම” මගින් ගුවන් හමුදාවේ අනාගතය පිළිබඳ නිසි සැලැස්මක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇත.

ගුවන් හමුදාවේ සේවයේ නියුතු සහ විශ‍්‍රාමික සාමාජික සමාජිකාවන්ගේ සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නව ඉදිකිරීම් හා  ගුවන් හමුදා කඳවුරු වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද ගුවන් හමුදාධිපතිතුමන් විසින් මෙහිදී ප‍්‍රකාශ කරන ලදී. එසේම ගුවන් හමුදාව ජාතිය ගොඩනැගීමේ රාජ්‍ය ක‍්‍රියාවළියට සෘජුවම දායක වී ඇති අතර මෑතකදී සිදු කරන ලද ගුවන් මගින් ශෘක බීජ ඉසීමේ මෙහෙයුම  පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කරන ලදී. එසේම නව වසරේදී ගුවන් විධාන සංකල්පය යටතේ ගුවන් හමුදාව ප‍්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කොට ඇති බව පැවසීය. එසේම පසුගිය වරෂයන්ගේ සේම 2019 වසරේදීත් ගුුවන් හමදාව දිවයිනේ ගොඩබිම් ප‍්‍රදේශයේ පමණක් නොව එක්සත්ජාතීන්ගේ සාම සාධක හමුදාවේ මෙහෙයුම් මෙන් වෙරළෙන් ඔබ්බටත් සිය වගකීම මැනවින් ඉටුකරනු ලබන බව සහතික විය. එසේම දිවයිනේ කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ දියුණුව උදෙසාද ගුවන් හමුදාව සිය කාර්යය මැනවින් ඉටුකරනු ලබන බව පැවසීය.

එසේම ගුවන් හමුදාවට සහ එහි සාමාජිකයන්ට ආශිර්වාද කරමින් සර්ව ආගමික වතාවත් සිදු කිරීම ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී සිදු විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි