මුතුරාජවෙල ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා
11:07am on Friday 11th January 2019
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් කල දැනුම්දීමකට අනුව  මුතුරාජවෙල ප‍්‍රදේශයේ පසුගිය දා හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් එම් අයි 17 හෙලිකොප්ටර් යානාවක් 'බැම්බි බකට්' යොදා ජල ලීටර් 2400 ක් සමග කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව යන ලදී.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදුකරණ ලදී. මෙම මෙහෙයුම සඳහා එම් අයි 17 හෙලිකොප්ටර් යානාව මෙහෙයවන ලද්දේ ස්කොඩ්රන් ලීඩර් ප‍්‍රසන්න ගුණරත්න හා ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඉන්දික බණ්ඩාර යන නිළධාරීන් විසිනි. එහිදී  බැම්බි බකට් මෙහෙයුම් 08 ක් පමන සිදුකරණ ලදී.
 
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි