ගුවන් හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක, ත්‍රිත්ව ශුරතා දිනයි.
2:26pm on Monday 25th October 2010
ශ්‍රී ලංකා බැඩ්ම්න්ටන් සංගමය සංවිධානය කල උතුරු මැද පලාත් විවෘත බැඩ්ම්න්ටන් තරගාවළිය පසුගිය 23 වන දින අනුරාධපුරයේදී අවසන් වුණු අතර තරගාවලියේ ත්‍රිත්ව ශුරතා දිනාගැනීමට ජාතික ශුර ගුවන් හමුදා ක්‍රීඩක නිලුක කරුණාරත්න සමත් විය.  

නිලුක කරුණාරත්න විවෘත පිරිමි කේවල ශුරතාවය ජයගන්නා ලද්දේ තම සොයුරු දිනුක කරුණාරත්න පරාජය කරමිනි. විවෘත පිරිමි යුගල ඉසව්වේදී දිනුක කරුණාරත්න සමගින්ද, විවෘත මිශ්‍ර යුගල ඉසව්වේදී කිවිදි ඉෂාදිකා සමගින්ද තරග කරමින් මෙම ත්‍රිත්ව ශුරතාවයන්ට හිමි කම් කීවේය.

පසුගිය 21 වෙනිදායින් ඇරබි අදාල තරගාවලිය සඳහා දිවයිනේ සැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450ක් පමණ සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි