පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරු සිය 09 වන සංවත්සරය සමරයි
11:21am on Friday 11th January 2019
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර  සහ අංක 07 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය පසුගිය 2019 ජනවාරි මස 05 වන දින සමරණ ලදී. සංවත්සරයට සමගාමීව කඳවුරේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නුවරඑළිය මද්දුම බන්ඩාර විද්‍යාලයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් 2019 ජනවාරි මස 04 වන දින දියත් කරන ලදී.

සංවත්සර දින සැමරුම අරඹමින් සංවත්සර දින පෙළපාලිය අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීඑස්සී ප‍්‍රණාන්දු විසින් පරීක්‍ෂාවට ලක්කරණ ලදී. අනතුරුව කඳවුරු ක‍්‍රීඩාංගනයේ ක‍්‍රිකට් තරඟාවළියක් පවත්වන ලද අතර ගුවන් භට භෝජනාගාරයේ පැවති සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකින් සංවත්සර දින සැමරුම අවසන් කරණ ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි