අංක 03 සමුද‍්‍රිය බලඝනය ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත වේ
4:10pm on Tuesday 22nd January 2019
අංක 03 සමුද‍්‍රිය බලඝනය නැවත ස්ථාපිත කර පසුගිය ජනවාරි මස 11 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතින්  චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේදී විවෘත කරණ ලදී.

මෙම අංක 03 සමුද‍්‍රිය බලඝනය 1971 දී එවකට හිටපු ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාර්ෂල් පී එච් මෙන්ඩිස් මහතාගේ සමයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරේදී ස්ථාපිත කරණ ලද බලඝනයකි. මෙහි නිළ ලාංජනය ලෙස කිරලා පක්ෂියාගේ රූපය යොදාගන තිබෙන අතර එහි අරමුණ වන්නේ අනතුරු කලින් හදුනාගෙන දැනුම්දීමට ඇති හැකියාවයි.

මෙම බලඝනය 1971 දී  හැව්ලන්ඩ් ඩෝව් යානා යොදාගනිමින් ශ‍්‍රී ලංකා වෙරළ තීරය ආරක්ෂා කිරීමේ හා නිරීක්ෂන කටයුතු හි නිරත විය. පසුව මෙම බලඝනය සෙස්නා 337 යානා සමග කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත අනියුක්ත කළ  අතර පසුව 1988 දී නැවතත් එල් ටී ටී ඊ යුධ සමයේ චීන වරාය ගුවන් හමුදා  කඳවුර වෙත අනියුක්ත කරණ ලදී. පසුව විවිධ හේතුමත 1993 දී මෙය අකර්මන්‍ය තත්වයට පත්වන ලදී.

නාවික කටයුතු නිරීක්ෂනය කිරීමේ අවශ්‍යතාවය දැඩිව දැනෙන මෙම වකවානුවේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව මෙම බලඝනය නවීකරණය කර මෙලෙස නැවත ස්ථාපිත කරන ලදී. එහිදී බීච් කිංග් එයාර් බී 200 හා හර්බින් වයි-12 යානා යොදා ගනිමින් සමුදුරු නිරීක්ෂන කටයුතු සිදුකරයි.

මෙම අවස්ථාවේදී ගුවන්  නිරීක්‍ෂණ  ලාංජන පැළදවීමක් සිදුකල අතර එහිදී විංග් කමාන්ඩර් කේ.සී. සේරසිංහ හා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එම්.ඩී.ජේ අබේසිරිවර්ධන හට ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිල ලාංජන පල‍දවන ලදී.     

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන්, ගුවන් හමුදා විද්‍යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා, නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි