කැඩෙට් නිළධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා වන නව තෙමහල් ගොඩනැගිල්ලක් ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘතවේ
4:48pm on Tuesday 22nd January 2019
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේදී කැඩෙට් නිළධාරීන් ගේ නවාතැන් පහසුකම් සඳහා වන නව තෙමහල් ගොඩනැගිල්ලක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතින් පසුගිය ජනවාරි මස 11 වන දින විවෘත කරන ලදී.

මෙම ගොඩනැගිල්ලෙහි පහත මාලය කාන්තා නේවාසික පහසුකමි වලින් සමන්විතවන අතර විසිත්ත කාමරයකින් හා බීම හලකින් සමන්විත වේ. දෙවන මහල නවාතැන් කාමර 10 කින් හා පොදු නාන කාමරයකින් සමන්විත වේ ඉහල මහල නවාතැන් කාමර හා නාන කාමරයකින් යුක්ත වේ.

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ අධීක්ෂනය යටතේ කටුනායක මූලික කඳවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය විසින් සිදුකරණ ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් ආර් කේ සමරසිංහ ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන් ගුවන් හමුදා විද්‍යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා ඇතුළු නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි