සේවා වනිතා ඒකකයෙන් තවත් විශේෂ පරිත්‍යාග රැසක්
4:56pm on Tuesday 22nd January 2019
ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන් විසින් සිදුකරන ලද විවිධ ඉල්ලීම් සලකා බලමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් අත්‍යාවශ්‍ය ඉල්ලීම් සඳහා පරිත්‍යාගයන් සිදුකිරීම සඳහා පියවර ගන්නා ලදී. ඒ අනුව 2019 ජනවාරි මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පරිත්‍යාගයන් කිහිපයක් සිදු කරන ලදී.

මෙහිදී කෝප‍්‍රල් සේනාරත්න ගේ බිරිඳ සහ ගුවන් හමුදා සිවිල් සේවක එම්ඒපී මදුරප්පෙරුම මහතාගේ  බිරිඳ හට අතේ ගෙන යාහැකි මහන මැෂිම් දෙකක් සහ නායක ගුවන් භට දේශප‍්‍රිය එච්ඩබ්ආර් ගේ බිරිඳ හට හට ජුකී මහන මැෂිමක් පරිත්‍යාග  කරන ලදී.

එසේම ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ දරුවන් හට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමක්ද සිදු කරන ලදී.

සැරයන් සිංහපුර එස්ඩීඑස්අයි ගේ පුතා හට
කෝප‍්‍රල් කුමාර ආර්එම්සී ගේ දුව හට
විශ‍්‍රාමික බලපන්ති සැරයන් උදයකුමාර ඩබ්එස්ඒ ගේ පුතා සහ දුව හට

එසේම කෝප‍්‍රල් කුමාර ආර්එම්සී ගේ දුව හට රෝද පුටුවක් පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි