එක්සත් රාජධානියේ සරඹ පුහුණුව සඳහා පළමු ශ‍්‍රී ලාංකික කාන්තා නියෝජනය
2:39pm on Thursday 24th January 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆලයිට් ලෙෆ්ටිනන් ලක්ෂිකා අතලේ හා කෝප‍්‍රල් අමරසේන ඩී.එන්.එස්.කේ පසුගිය ජනවාරි 04 වන දින මූලික අවි සරඹ පාඨමාලාවක් හැදෑරීම සඳහා  එක්සත් රාජධානිය වෙත පිටත්ව ගියේය. ඒ උතුරු යෝක්ෂයර් හි  කැටරික් ප‍්‍රදේශයේ පිහිටා ඇති  බි‍්‍රතාන්‍ය යුධ හමුදා පුහුණු පාසැලක් වෙතයි.

මෙම පුහුණු කාල සීමාව තුල ඔවුන් සරඹ පිළිබඳව හා ඒවා පුහුණු කලයුතු ආකාරය පිළිබඳව හැදෑරීම සිදුකරයි. ශ‍්‍රී ලංකාවට පැමිණිපසු ගුවන් හමුදාවට අවශ්‍ය සරඹ දැනුම හා පුහුණුව ලබාදීමට කටයුතු කරනු ලබයි.

ෆලයිට් ලෙෆ්ටිනන් අතලේ 2011 වර්ශයේ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බැදුනු අතර 2013 දී ගුවන් හමුදාවේ පරිපාලන මෙහෙයුම් භූමි නිළධාරිණියක වශයෙන් අධිකාරියට පත්වන ලදී. මේ වනවිට ඇය ගුවන් හමුදා මූලස්ථානයේ 45 වන ප‍්‍රභූ ආරක්ෂක පක්ෂාංගයට අනියුක්තව සේවය කරනු ලබයි. තවද ෆලයිට් ලෙෆ්ටිනන් අතලේ පුපුරන ද‍්‍රව්‍ය නිශ්ක‍්‍රීය කිරීමේ දක්ෂ නිළධාරිණියක් වන අතර විශෙෂ පැරශුට්  පුහුණුවද ලබා ඇත.

කෝප‍්‍රල් අමරසේන 2007 දී මෙහෙයුම් භූමි අංශයෙන් ගුවන් හමුදාවට බැදුනු අතර පසුව දියතලාව සටන් පුහුණු පාසැලේ පුහුණු උපදේශිකාවක් වශයෙන් කටයුතු කරණු ලැබීය. දැනට ඇය ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසැලේ සරඹ පුහුණු උපදේශිකාවක් වශයෙන් කටයුතතු කරනු ලබයි.
 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි