ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරඟාවළිය -2019
2:52pm on Thursday 24th January 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරන ලද ගුවන් හමුදාධිපති විවෘත ගොල්ෆ් තරඟාවළිය ති‍්‍රකුණාමලය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් හීදි 2019 ජනවාරි මස 19 වන දින නිමාවට පත්විය.

දෙස් විදෙස් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් 76 දෙනෙකු මෙම තරඟය සදහා සහභාගි වූහ. ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් කී‍්‍රඩාපිටියේ පිහිටිම කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් හට අභියෝගාත්මක මෙන්ම අශ්වාදජනක තරගාවළියකට පසුබිමක් වූ අතර මෙම තරඟාවලිය  ‘Handicap Rules’ වලට යටත්ව එදින උදෑසන 0700 පැයට ආරම්භ විය.

2018 ගුවන් හමුදාධිපති ගොල්ෆ් තරඟාවළියේ පිරිමි අංශයේ ශුරතාවය ලකුණු 32 ක් ලබාගත් ජනක තෙබුවන මහතා විසින් හිිමිකරගත් අතර කාන්තා ශුරතාවය ලකුණු 31 ක් ලබා ගත් මනෝරි ජයකොඩි මහත්මිය විසින් හිමිකර ගන්නා ලදී. තරඟාවලියේ පිරිමි අංශයේ අනුශූරතාවය ලකුණු 28 ක් ලබා ගත් කේන් ඩි අල්විස් විසින් හිමිකර ගන්නා ලදී. පිරිමි අංශය යටතේ දීර්ඝතම පහර  තරඟ අංශ සදහා පිළිවෙලින් නාවික හමුදාව් කමාන්ඩ පී. එම්. මුන්මුල්ලගේ සහ රොහාන් ද සිල්වා මහතා කුසලාන හිමි කර ගැනීමට සමත්කම් දැක්වූ අතර සහ ආසන්නතම පහර සඳහා ක‍්‍රිස් ක‍්‍රිස්නරාජ් මහතා කුසලාන හිමි කර ගැනීමට සමත් විය. නායක ගුවන් කාන්තා පි‍්‍රයදර්ශනී හා නිලූ ජයතිලක මහත්මිය කාන්තා අංශය යටතේ තරඟ කරමින් දීර්ඝතම පහර යන තරඟ අංශය සදහා පිරිනමන කුසලානය දිනා ගැනීමට සමත් වූහ.

ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් උදෙසා පිරිනැමෙන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති කුසලානය මෙවර දිනාගනු ලැබුවේ නායක ගුවන් භට රණසිංහ එන්. ජී. සී .ඒ. වන අතර එහි අනු ශූරතාවය ස්කොඩ්රන් ලීඩර් ඩබිලිව්. එම්. ටී.ජී.පී.එස්. විජේකෝන් හිමිකර ගන්නා ලදී.

2019 වර්ෂයේ පැවැති ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළියේ ජයග‍්‍රාහකයන් සදහා කුසලාන ප‍්‍රදානය කිරිම අති උත්කර්ශවත් අන්දමින් එදින සවස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මාබල් බීච් අවන්හලේදී පවත්වන ලදී.


ශ‍්‍රී  ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, හිටපු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස්,  අධ්‍යක්‍ෂක ගුවන් මෙහෙයුම් සහ ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා චීන වාරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා ඇතුළු නිළධාරීහු රැසක් මෙම තරඟාවළිය සඳහා සහභාගී වී සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි