ආරක්‍ෂක ලේකම්තුමන්ගේ නාලන්දා උපහාර උළෙලට ගුවන් හමුදාධිපති තුමන් එක්වෙයි
4:39pm on Tuesday 5th February 2019
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගිaය  ජනවාරි 21 දින නාලන්දා විද්‍යාලිය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදී. එම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්, නාලන්දා විද්‍යාලිය ආදී ශිෂ්‍ය සංගමයේ රණවිරු සංසදයේ සභාපති මෙන්ම ගුවන්  හමුදාධිපති   එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ පාසැල් නිලධාරින් විසින් පිළිගන්නා ලදී.

අනතුරුවල පාසලේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය ආරක්‍ෂක ලේකම්තුමන් මියගිය රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දක්වන ලදී. ඉන් අනතුරුව විද්‍යාලිය ශිෂ්‍ය භට ඛණ්ඩය විසින් ඔහු වෙත සම්මාන මුරයක් පිරිනමන ලදී. දිවයිනේ කීර්තිමත් පාසලක් වන නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයකු වන හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීම සඳහා දැනට සේවයේ නියුතු සහ විශ්‍රාම ලත් ආදී නාලන්දීය ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්තුමන් සිය පාසල් කාලය පිළිබඳ අතීත මතකයන් සිහිපත් කල අතර අලුත් පරම්පරාව වෙත පුළුල් අධ්‍යාපනයක් ලබා දීම සඳහා පාසල විසින් සිදුකරනු ලබන විශිෂ්ඨ සේවය පිළිබඳව ඔහු සිහිපත් කළේය. රටේ නිදහස වෙනුවෙන් රණවිරුවන් විසින් කරන ලද සේවය හා කැපකිරීම් පිළිබඳව එතුමන් සිය කෘතඥතාව පළ කළේය.

මෙම උත්සවයේ දී ආරක්‍ෂක ලේකම්තුමන්ගේ සේවය අගයමින් විශේෂ සමරු සිහිවටනයක් ද ප්‍රධානය කරන ලදී. උත්සවයෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමන් පාසල් භුමිය තුල නිරීක්‍ෂණ චාරිකාවක් ද සිදුකළේය. මහා සංඝරත්නය, විදුහල්පති, ආදී නාලන්දියන්, පාසලේ කාර්ය මණ්ඩලය සහ සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි