බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සිය 21 වන සංවත්සරය සමරයි
5:03pm on Tuesday 5th February 2019
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සිය 21 වන සංවත්සරය කඳවුරු අණදෙන නිළධාරී ගෲප කැප්ටන් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේ ගේ මගපෙන්වීම යටතේ 2019 ජනවාරි 25 වන දින සමරන ලදී. සංවත්සරය සමරමින් කඳවුරු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මීගමුව බ‍්‍රවුන්ස් වෙරළ තීරයේ සහ බෝලවලාන කතෝලික දේවස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලද අතර 2019 ජනවාරි මස 22 වන දින කඳවුරු පරිශ‍්‍රයේ ලේ දන්දීමේ ව්‍යාපාරයක්ද පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විසින් සංවත්සර සැමරුම් පෙළපාලිය පරීක්ෂාකල අතර අනතුරුව කඳවුරු ක‍්‍රිඩාංගනයේදී එල්ලේ තරඟාවළියක් පවත්වන ලදී. සංවත්සර දින සැමරුම සියළු නිළයන්ගේ දිවා භෝජනයකින් අවසන් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි