ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ඉතා අභිමානවත් අන්දමින් 71 වැනි ජාතික දින පෙළපාලියට සහභාගී වෙයි
12:15pm on Thursday 7th February 2019
ශ්‍රී ලංකා 71 වැනි ජාතික දින සැමරුම 2019 පෙබරවාරි මස 04 වන දින අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු මෙම ඓතිහාසික අවස්ථාවට අග්‍රාමාත්‍යතුමන්  මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිතුමන්, රාජ්‍ය ලේකම්වරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක් ද විවිධ ආගමික පූජකතුමන්ලා සහ විවිධ රටවල තානාපතිවරුන් ඇතුලු විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ද සහභාගී වූහ.

අතිගරු ජනාධිපතිතුමන් විසින් මගුල් බෙර හා සක් හඬ මධ්‍යයේ ජාතික කොඩිය ඔසවමින් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කල අතර ඉන්පසුව  ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන් විසින් ජනාධිපතිතුමන් විශේෂ පීඨීකාව වෙත කඳවාගෙන යන ලදී. අනතුරුවල විශේෂ පීඨිකාව ඉදිරිපිට පාසල් සිසුවියන් 25 දෙනෙකු විසින් ජාතික ගීය සහ තෙරුවන්ගේ අශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ජය මංගල ගාථා සහ "දේවෝ වස්සතු කාලේන" ගායනා කරන ලදී.

අනතුරුව සන්නද්ධ හමුදාවන් විසින් පැවැත්වූ ආචාර වෙඩිමුර 21 න් පසු අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතිය අමතා කථා කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ආචාර පෙළපාලියේ සම්බන්ධීකාරක ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ හා එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ කටයුතු කරනු ලැබූ අතර ගුවන්යානා පෙළපාලිය බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා 03ක්, බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා 02ක්,  එම් අයි 17 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටර් යානා 04ක්, සෙස්නා 150 වර්ගයේ ගුවන්යානා 05, පීටී-6 වර්ගයේ ගුවන් යානා  05, වයි- 12 ගුවන් යානා යානා 04ක්, බීච් ක්‍රාෆ්ට් බී-200 වර්ගයේ යානා 02ක්, සී- 130 වර්ගයේ යානයක්, ඇන්ටනෝව් 32 වර්ගයේ යානයක්, එම්ඵ් 60 වර්ගයේ යානයක්, කේ-8 වර්ගයේ ජෙට් ගුවන් යානා 03ක්, කෆීර් ගුවන් යානාවක් සහ එෆ් 7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා තුනක් ඇතුලළුව ගුවන් යානා 33 කින් සමන්විත විය.මෙහිදී අළුතින් ස්ථාපිත කරන ලද "බ්ලූ ඊගල්ස්" ගුවන් යානා කණ්ඩායම විසින් ගෝල්ෆේස් අහස විචිත‍්‍රවත් කරමින් විශේෂ සංදර්ශනයක් ඉදිඑිපත් කරන ලදී.
 
 ගුවන් යානා පෙළපාළියේ මගපෙන්වීමේ නිළධාරීන්  ලෙස විංග් කමාන්ඩර් ක‍්‍රිශාන්ත පෙරේරා  කටයුතු කරන ලද අතර එහිදී මාර්ක් 11 යූඒවී, ඉන්දිරා මර්ක් 11 ගුවන් රේඩාර් පද්දතිය, මිමි 40 එල් 70 ගුවන් ආරක්ෂක අවි, අයිජීඑල්ඒ ගුවන් මිසයිල, ගුවන් අවි ආයුධ ප‍්‍රධර්ශක රථ, රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්ටික පුපුරන ද‍්‍රව්‍ය නිෂ්ක‍්‍රීය කිරීමේ එකකය ඇතුළු අංග රැසකින් ගුවන් හමුදා ඒකකය සමන්විත විය.
 

එසේම තවත් එත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකය සඳහා ගුවන් කාන්තාවන් සහභාගීවීම සිදුවිය. තවද ගුවන් හමුදා විශේෂ බලඝනය විසින්  එම් අයි 17 හෙලිකොප්ටරයක කේබලයක ආධාරයෙන් දස්කම් දක්වන ලදී.

ගුවන් හමුදා පැරශුට් බලඝනය විසින් මෙවරත් යුධ, නාවුක හා පොලිස් කණ්ඩායම් හා එක්ව පෙළපාලිය වර්ණවත් කරන ලදී.

විංග් කමාණ්ඩර් සනත් ප‍්‍රනාන්දු, ස්කොඩ්‍්‍රන් ලීඩර් නලීන් වැවේකුඹුර, ස්කොඩ්‍්‍රන් ලීඩර් චානක මාලිගස්පේ හා ෆ්ලයිට් ලෙෆ්ටිනන් එරංග ගමගේ යන අය විසින් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදුකරණ ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි